Thursday, 11 October 2018


...සිංහරාජ  වනාන්තරය....


සිංහරාජ වන රක්ෂිතය ශ්‍රී ලංකාවෙහි මධ්‍යම කදුකරයේ නිරිත දිගින් පිහිටි රක්වාන කදුවැටියේ උස මීටර 300-1170 සීමාවේ, හේක්ටයාර 11250 ක පැතිර පවතින ජාතික වනෝද්‍යානයකි. එය අන්තර්ජාතික අවධානයට ලක් වී ඇති අතර යුනෙස්කෝව විසින් ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවියක් ‍ලෙසට නම් කොට ඇත.



                යුනෙස්කෝ ලෝක උරුම අඩවිය

පිහිටීම           සබරගමුව පළාත, දකුණු පළාත,                         ශ්‍රී ලංකාව
කන්ඩාන්ක    6°14′N 80°17′E / 6.24°N 80.28°E
නිර්ණායක     ස්වාභාවික: ix, x
සමුද්දේශ          405
අභිලේඛනය     1988 (10වන සැසිය)  
 වෙබ්අඩවිය      nps.gov/meve/
          සිංහරාජ වනාන්තරයහි පිහිටීම 


සිංහරාජ වන රක්ෂිතය

              IUCN category II (national park)
පිහිටුම        සබරගමුව සහ දකුණ, ශ්‍රී ලංකාව


වර්ග ප්‍රමාණය    88.64 km²

සංස්ථාපනය        අප්‍රේල් (බක්),


ශ්‍රී ලංකාවෙහි පහතරට වැසි වනාන්තර පරිසර කලාප‌‍යේ ‌‍කොටසක් වන ‌‍මෙම ‍නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය, පිවිසු‌ම් අපහසුතාව හේතුවෙන් වාණිජකරණයට ලක් වී‍මෙන් ආරක්ෂා විය. මෙය 1978 වස‌‍රේ දී ‍ජෛවගෝල රක්ෂිතයක් ‌‍ලෙස ද, 1988 වස‌‍රේ දී ‍ලෝක උරුමයක් ‍ලෙස ද නම්‍‍‍ කොට තිබීම ඒ සඳහා තවත් හේතුවක් විය. ‌රක්ෂිත‌‍යේ “සිංහරාජය” යන නාමය “සිංහරජදහන” අරුත් ‍දේ.

රක්ෂිතයේ නැගෙනහිර දෙස සි‍ට බටහිර දෙසට දුර කි.මි. 21ක් සහ උතුරු දෙස සිට දකුණු දෙසට උපරිම දුර කි.මි. 7ක් වුව ද ඵය ශාක විශේෂ මෙන් ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි.

ඝන ශාක වැස්ම හේතුවෙන් යාල වැනි වියලි කලාපීය වනෝද්‍යාන මෙන් වන සතුන් මෙහි දී පහසුවෙන් දැක ගත හැකි නොව්. මෙහි දී අලි දැකගත නොහැකි අතර දිවියන් ද දක්නට ලැබෙනුයේ දුලබ වශයනි. බහුලව ම දැකිය හැකි විශාල ම ක්ෂීරපායි ජීවියා වනුයේ, ශ්‍රී ලංකා අළු වඳුරා යි.

එක් ආශ්වාදජනක සංසිද්ධියක් වනු‌‌‍යේ පක්ෂීන් ‌‍බොහෝ විට ආහාර ‍‍සොයා යාම සඳහා සාමූහික රංචු වශ‌‍යෙන් හැසිරීමට ප්‍රවණතාවයක් දැක්වීම යි. මෙවැනි ‍රංචුවක් ‍‍බොහෝ විට මහ කවුඩා සහ රතු දෙමළිච්චා යන පක්ෂී විශේෂ වලින් සමන්විත වේ. මෙවැනි ‍රංචුවක පෙරමුණ ගන්නා මහ කවුඩා ප්‍රචණ්ඩකාරී පක්ෂියෙකු ලෙස ද රතු දෙමළිච්චා ඝෝෂාකාරී පක්ෂියෙකු ලෙසද ප්‍රචලිත ය

සිංහරාජයට ආවේණික වූ සත්වයින

ශ්‍රී ලංකා‌‌වේ දැනට හඳුනා‌‌‍ගෙන ඇතිආවේණික අතු‌‍රෙන්, වැසි වනාන්තර ඇසු‌‌‍රේ වාසය කරන ‌විශේෂ 20ක් ඇති අතර, වත රතු මල් කොහා, ශ්‍රී ලංකා‌‌ බට ඇටිකුකුළා සහ ශ්‍රී ලංකා‌‌ කැහි බෙල්ලා ඇතුළු සියලු ම ‌විශේෂ මෙහි දී දැකගත හැකි‌ වේ.
උරගයින් වශයෙන් ආවේණික විශේෂ වන, පළා පොළඟා සහ කුණකටුවා දැකගත හැකි‌ අතර පුළුල් උභයජීවී විවිධත්වයක් ද පවතී. මෙහි දී ගස් ‍ගෙම්බන් විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. අපෘෂ්ඨවංශීන් ලෙස කොමන් බර්ඩ්වින්ග් සමනළයා සහ කූඩැල්ලන් ප්‍රසිද්ධියක් උසුලයි.
වත රතු මල් කොහා
ශ්‍රී ලන්කා අලු වදුරා


සිංහරාජයට ආවේණික වූ ශාක


මේ යෝධ මීවන විශේෂය සිංහරාජයට ආවේණික වේ. මෙය මීටර දෙකේ සිට මීටර පහක් පමණ උසට වැඩේ.



....සිංහරාජ වනාන්තරයට පිවිසෙන මර්ග.....





පිවිසුම් මාර්ගසිංහරාජ වනාන්තරයට පිවිසෙන්න ප්‍රධාන මාර්ග හතරක් තියෙනවා. ඒවා තමා වයඹ දිශාවෙන් කලවාන – වැද්දගල පාර, ඊසාන දිගින් රක්වාන-මොර්නින් සයිඩ් පාරත්, නිරිත දිගින් හිනිදුම – නෙළුව පාර සහ ගිණිකොන දිගින් දෙනියාය – පල්ලේගම පාර. කොළඹ ඉඳන් එන අයට ගොඩක් ලේසි කලවාන වැද්දගල පාරේ එන එකයි.



කුඩව හරහා පිවිසුම:කොළඹ -->කලවාන -->කුඩව

කොළබ -- ගාල්ල ---දෙනියාය--මෙදේරිපිටිය---- පිටදෙනිය


....සිංහරාජය තුළ ඇති නොයෙක් දියඇලි අතරින් වඩා ජනප්‍රිය දුහුවිලි ඇල්ල......



දැන් අපි සිංහරාජයේ තියෙන ශාක ගැන හොයලා බැලුවොත් එකිනෙකට වෙනස් ශාක ස්ථර හයක් මේ වනාන්තරයේ දකින්න පුළුවන්. ඒවා තමයි නෙරු ස්ථරය, වියන් ස්ථරය, උප වියන් ස්ථරය, යටි වියන් ස්ථරය, පඳුරු ස්ථරය හා බිම් ස්ථරය විදිහට නම් කරලා තියෙන්නේ. මීටර් 45ක් විතර උසට වැඩෙන ගොඩක් උස ශාක නෙරු ස්ථරයට අයත් වෙන අතර වියන් ස්ථරය තියෙන්නේ නෙරු ස්ථරයට යටින්. මේ ස්ථරයට අයත් ශාක මීටර් 35ක් විතර උසට විහිදෙනවා. උප වියන් ස්ථරය වියන් ස්ථරයට පහලින් මීටර් 25ක් විතර ඉහලට විහිදෙනවා. උප වියන් ස්ථරයට පහලින් යටි වියන් ස්ථරය පිහිටනවා. වියන් ස්ථරයට ලැබෙන සුර්යාලෝකයෙන් 3%ක විතර ප්‍රමාණයක් තමයි යටි වියන් ස්ථරයට ලැබෙන්නේ. යටි වියන් ස්ථරයට පහළින් පඳුරු ස්ථරය පිහිටන අතර මේ පඳුරු ස්ථරයේ ස්වභාවය තැනින් තැනට වෙනස් වෙනවා.

වනාන්තරයේ පහතම ස්ථරය තමයි බිම් ස්ථරය. මේ බිම් ස්ථරය ආශ්‍රිතව ආර්ද්‍රතාවය 100% ක් විතර වන අතර 1-2% අතර ප්‍රමාණයක සූර්යාලෝකයක් ලැබෙනවා.

          



.....සිංහරාජ වනාන්තරයහි අසිරිය......


මෙවන් ජෛව විවිධත්වයෙන් අනුන සිංහරාජ වනාන්තරය ලෝක උරුමයක් වීම අරුමයක් නෙවෙයි. ශ්‍රී ලංකාවේ නාමය ලෝකයට ගෙන යාමට දායක වුනු සිංහරාජ වන පෙත සුරැකීම අප සැමගේ යුතුකම හා වගකිමයි. මේ හරිත වර්ණ වන පියස අදට වඩා හෙට දිනයේදී විද්‍යාත්මක පරීක්ෂණ ආදිය සඳහා අවශ්‍ය වෙන්න පුළුවන් වගේම මෙතෙක් කල් මිනිසාට සොයා ගැනිමට නොහැකි වු ඖෂධ සඳහා මෙහි සැඟවී සිටින ශාක සන්තතිය මගින් ඉදිරි අනාගතයේදී සාර්ථක ලෙස විසඳුම් ලබා දීමේ හැකියාවත් තියෙන්න පුළුවන්. දැනුම සොයමින් පර්යේෂණ සිදු කරන විද්‍යාඥයන්ට තෝතැන්නක් වුන සිංහරාජය මතු පරපුර සඳහා සුරැකිය යුතු අතර එවිට ජෛව විවිධත්වයෙන් අනූන සිංහරාජ වන පෙතේ වටිනාකම තවත් වැඩිවනු නොඅනුමානයි.

මුලාශ-wikipedia-


1 comment: